අවුරුදු 2500කට කලින් ලංකාවට නෑවිත් ලංකාව ගැන ලියූ මෙගස්තීනස් – ලංකාවේ අද්භූත සතුන් රැසක් හිටියලූ –

සිවුදෙසින්ම මුහුදෙන් වටවූ මේ පුංචි දිවයින ගැන සුළුවට තකන්නට බොහෝදෙනකු උත්සාහ කළද එය සැබැවින්ම පහසු වන්නේ නැත. ඊට හේතුව විශාල අධිරාජ්‍යයන්ට, බලපුළුවන්කාරයන්ට වඩා අපේ අක්මුල් ශක්තිමත් වීමය. මේ අභිමානවත් අපේ රටේ මුල් යුගය පිළිබඳ අපි කියනවාට, ලියනවාට වැඩියෙන් වැදගත් වන්නේ අපේ රටට එපිටින් සිටිනවුන් අප රට ගැන පවසන දේය. මෙය අප රට පිළිබඳ කෙරෙන්නාවූ මැදහත් යථාර්ථවත් හැඳින්වීමක් මිස අප විසින් කරගනු ලබන ආත්ම වර්ණනාවක් නම් නොවේ. මේ කතාව අපේ රට ගැන එපිට රට්ටුන් කියන කතාවේ පළමුවැන්නය. මේ කතා අපිට කියන්නේ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහය. ඔහු සතුව ඇති වෛද්‍ය දැනුම සේම ඉතිහාසය හාරා ඇවිස්සීමේ රෝගයද මේ සියලූ හෙළිදරව් කිරීම් සඳහා මූලිකතම හේතුව වී ඇත. මීට අවුරුදු දෙදහස් පන්සියයකට ඉහතදී ලියැවුණු ‘ඉන්ඩිකා’ නම් ග‍්‍රන්ථය තුළ ලංකාව පිළිබඳ තබා ඇති සවිස්තරය වූ කලී ලංකාව පිළිබඳ විදේශිකයකු තැබූ පැරැුණිම සටහනය.

ඔහු අපට සැබෑවටම සුවිශේෂී වන්නේය. නමින් ‘මෙගස්තීනස්’ නම් වූ ඔහු ග‍්‍රීක ජාතිකයෙකි. ඔහු ‘ඉන්ඩිකා’ ග‍්‍රන්ථය ලියමින් ඉන්දියාව පිළිබඳ තතු අනාගතයට ඉතිරි කළා සේම තම ග‍්‍රන්ථය තුළ අප ලංකාවටද ඉඩක් දෙන්නට ඔහු පැකිළී නැත. ඒ පිළිබඳ අප ඔහුට ස්තුතිවන්ත වියයුතු වග අදහසයි.

මෙගස්තීනස් ඉන්දියාවට පැමිණියේ කෙසේද යන්නත් රසවත් වෘත්තාන්තයක් බව නොකිවමනාය. ග‍්‍රීක අධිරාජ්‍යයකු වූ මහා ඇලෙක්සැන්ඩර් ඉන්දියාව ආසන්නයට එනතුරු තම බලය පතුරුවා හරිමින් අධිරාජ්‍යයට ඈ¼දාගනු ලැබිණි. ඉන්පසු එළැඹියේ ඉන්දියානු අර්ධද්වීපය යටත් කරගැනීමේ අවස්ථාවයි. මේ වන විට ඉන්දියාවේ රජ කරන ලද්දේ මෞර්ය වංශික ආරම්භක චන්ද‍්‍රගුප්ත රජුය. තවත් පැහැදිලිව කියන්නේ නම් අශෝක අධිරාජ්‍යයාගේ මුත්තණුවන්ය. චන්ද‍්‍රගුප්ත රජු මගධ රාජ්‍යය පාලනය කරමින් පැවැති යුගය තුළදී මහා ඇලෙක්සැන්ඩර් සටනට පිවිසුණි. මේ යුද්ධය ඇරැුඹෙන අවස්ථාවේ මගධය සතුව අලි ඇතුන් 6000ක් පමණ මගධ හමුදාවට ඇතුළත්ව ඇති අතර ඇලෙක්සැන්ඩර් රජු ඇතුළු සේනාවට මගධය යටත් කර ගැනීමට නොහැකිව ඔවුන් නැවැත ග‍්‍රීසියට යන්නට විය. ඒ යන ගමනේදී මහා ඇලෙක්සැන්ඩර් මරුමුවට පත්විය.

එසේ ඇලෙක්සැන්ඩර් මියයෑමත් සමඟ ඔහුගේ අධිරාජ්‍යය කැබැලි වලට වෙන්කරගත් ඔහුගේ සෙන්පතියෝ එම භූමිය තුළ වෙන වෙනම රාජධානි පිහිටුවා ගනිමින් රජ කරන්නට වූහ. වර්තමාන ඉරාකය හෙවත් අතීත බැබිලෝනියාව අගනුවර කරගනිමින් එහි රාජධානියක් පිහිටුවාගත් සෙලූකස් රජු නැවැත ඇලෙක්සැන්ඩර් රජු දුටු හීනය සැබෑ කරන්නට උත්සාහ ගන්නට විය. ඒ අනුව සෙලූකස් රජුද මගධ දේශය ආක‍්‍රමණය කරන්නට විය. එවරද මගධ දේශයේ සිවුවනක් පිරිස ඉදිරියේ පරාජය පිළිගන්නට සෙලූකස්ට සිදුවූයේ බොහෝ කනගාටුදායක ලෙසය.

මෙම පරාජය ඉදිරියේ පසුබට නොවූ සෙලූකස් චන්ද‍්‍රගුප්ත රජු සමඟ සාම මාවතකට අවතීර්ණ වන්නට තීරණය කළේය. ඒ අනුව සෙලූකස් කිසිදිනෙක මගධය ආක‍්‍රමණය නොකරන්නට තීරණය කළ අතර චන්ද‍්‍රගුප්ත රජු ඒ වෙනුවට අලි ඇතුන් 500ක් සෙලූකස් රජුට තෑගි කළේය. එපමණක් නොව සෙලූකස් රජු ඔහුගේ දියණියක චන්ද‍්‍රගුප්ත රජුට සරණපාවා දුන්නේය. එතැන් සිට ඇරැුඹුණු මිත‍්‍රත්වයට තවත් ශක්තිමත් පදනමක් යෙදීම උදෙසා දෙරට අතර තානාපති සබඳතාද තරකරන්නට ගත් උත්සාහය මල්පල ගන්වමින් මෙගස්තීනස් මගධ දේශයට පැමිණියේය. තානාපතිවරයකු ලෙස පත්වූ මෙගස්තීනස් විනෝදාංශයක් ලෙස ‘ඉන්ඩිකා’ ග‍්‍රන්ථය ලියන්නට ඇත. බුදුන් වහන්සේගේ පහළවීමෙන් වසර සියයකට පසු ඉන්දියාවට පැමිණි මෙගස්තීනස් බුදුන් වහන්සේ ගැන ලියා ඇත්තේ ඉන්දියාවේ විසූ උතුම් ගුණාංග තිබූ බුදුන් නමැත්තකු දෙවියන්ට මෙන් ගරුබුහුමන් ලැබූ බවයි. ඒ ග‍්‍රන්ථය තුළ ඔහු ලංකාව පිළිබඳ ලියා ඇති තොරතුරු අනුව ඔහු මෙරටට කිසිදිනෙක නොපැමිණියකු බවට පැහැදිලි වේ. මෙගස්තීනස් ලියූ තොරතුරු ඔහු ලංකාවට පැමිණි පිරිස් වෙතින් ලබාගත් තොරතුරු බවට සාධාරණ නිගමනයකට පැමිණිය හැක්කේ එහෙයිනි.

මෙගස්තීනස් ලියා ඇති පරිදි ලංකාව ඒ වන විට හඳුන්වා ඇති නාමය වන්නේ ට‍්‍රැප්‍රොබෑන් යන නමිනි. මෙය ඉතා දිග, එමෙන්ම කඳු ඇති දිවයිනක් ලෙස දක්වා ඇත. එහි දැක්වෙන පරිදි මෙහි ප‍්‍රමාණය ස්ටේඩියා 3000ක් පමණය. වර්තමානයේදී මෙම මිනුම විග‍්‍රහ කරන්නේ නම් අද ලංකාවේ ඇති භූමි ප‍්‍රමාණය මෙන් තුන්ගුණයකි.

මෙරට තිබූ සමාජයීය තත්ත්වය පිළිබඳ පවසන මෙගස්තීනස් ලියා ඇත්තේ ලංකාවේ නගර නොමැති බවත්, ගම් හත්සිය පනහක් පමණ ඇති බවත්ය. එවකට මෙරට ජනතාව පෞරාණික මිනිසුන් හෙවත් පැරැුණි මිනිසුන් ලෙස හඳුන්වා ඇත.

එසේම මෙරට මිනිසුන් එවකට නිවාස තනා ඇත්තේ ලීවලින්ය. වහල හෙවිලි කර ඇත්තේ තෘණ වර්ගවලිනි. රට වටේ පිහිටි මුහුදේ සිටින විශාල කැස්බෑවුන්ගේ ලෙලි (කටුව* ගෙන මෙම වහලවල් සෙවිලි කරන බවද ලියා ඇත. ඊට හේතුව ලෙස ඔහු වැඩිදුරටත් කරුණු දක්වා ඇත්තේ මෙරටට එකල අධික වර්ෂාපතනයක් හා අධික සුළං හැමීමක් සහිත දේශගුණයක් පැවැතීම නිසා ඊට ඔරොත්තු දෙන්නට හැකි ලෙස බරකින් යුතු කැස්බෑ ලෙලිවලින් වහල ආවරණය කරන්නට ඇති බවයි.

එවකට විසූ ලංකාවේ මිනිසුන් ගස් වැල් වවා විනෝද උයන් හදන බවත්, එම විනෝද උයන් පාලනය කරන්නට මිනිසුන් (උයන් පල්ලන්ද* යොදවා ඇති බවය. මුටසීව රජු දවස මෙරට මහමෙව්නාව නම් උයනක් කළ බවට මහාවංශයේ එකොළොස් වැනි පරිච්ෙඡ්දයේ සඳහන් වන අතර මේ යුගයත් මෙගස්තීනස් ඉන්දියාවේ විසූ යුගයත් විමසන විට එහි සත්‍යතාවක් ඇති බවට අප හට සාධාරණ නිගමනයකට පැමිණිය හැකිය.

මෙගස්තීනස් කියනා අනෙක් කාරණය නම් ලංකාවේ අලි ඇතුන් ඉන්දියාවේ අලි ඇතුන්ට වඩා විශාල වගේම බුද්ධිමත් බවයි. මේ නිසා ලංකාවේ අලි ඇතුන් ඉන්දියාවට අපනයනය කර ඇති අතර ඊට ලීවලින් හැ¥ නැව් උපයෝගී කරගෙන ඇත. මෙම නැව් අතීත කාලිංග දේශය හෙවත් වර්තමාන ඔරිස්සාවට ගොස් තිබේ. වෛද්‍ය අජිත් අමරසිංහයන් පවසන පරිදි ඔහු ඉන්දියාවේ කාලිංග දේශයේ දුටු ශිලා කැටයමක නැව් මඟින් අලි ප‍්‍රවාහනය කරන ආකාරය කැටයම් කර තිබූ බවක් දැක ඇත. එහෙත් වෛද්‍ය අජිත් අමරසිංහයන් පවසන්නේ එම කැටයම කුමන යුගයකට අයත්දැයි යන්න පිළිබඳ තමා නොදන්නා බවකි.

මෙගස්තීනස් කියා ඇත්තේ ලංකාවේ රට අභ්‍යන්තරයේ ජීවත් වූ මිනිසුන් කිසිදාක මුහුද දැක නොමැති බවය. ඔවුන් අලි ඇල්ලීමේ ක‍්‍රම දන්නා පිරිස් බවටද කියන මෙගස්තීනස් කියා ඇත්තේ මුහුදුබඩ ප‍්‍රදේශවල ජීවත් වූ පිරිස් අලි ඇල්ලීමට නොදන්නා අතර ඔවුන් ඩොල්ෆින්, මෝරු වැනි මාළු වර්ග හා මුහුදේ ජීවත් වන අද්භූත සතුන් ඇල්ලීමේ ක‍්‍රමෝපායන් දන්නා බවයි. ඔහු ලියා ඇති ආකාරයට මෙරට මුහුදේ කොටියා, සිංහයා, බැටලූවා ආදී සතුන්ගේ මුහුණුවලට සමාන මුහුණු ඇති වල් සතුන්ට සමාන මුහුදු ජීවීන් එහි සිටින බවය. මෙම ඇතැම් සතුන්ගේ හමේ ඉදිකටු වැනි තියුණු කටු ඇති බවත්, මෙරට මිනිසුන් මේ අමුතු වර්ගවල සතුන් පින්තූරවලට නඟන බවය. එහි තවදුරටත් කියා ඇත්තේ මේ සතුන්ගේ ශරීරය විවිධ සතුන්ගේ ශරීර කොටස් එක්වී සෑදී ඇති ලෙස පෙනෙන බවය.

මේ කියන අද්භූත සතුන් මුහුදේ සිට රාත‍්‍රියේදී ගොඩබිමට පැමිණ උන්ගේ දිගු වලිගවලින් පොල්ගස් බදාගෙන ගස් හොලවා පොල් ගෙඩි බිමට වැටුණු විට ඒවා කන බවය.

එසේම ලංකාවේ මුහුදේ ‘මුහුදු හාවා’ නමින් හඳුන්වන මෘදු මොළොක් පැතැලි සත්ත්වයකු වෙසෙන බවත්, මේ සතා ඉතා වේගයෙන් පීනා යන සතකු බවත්, ඌ ඇෙඟ් ගෑවුණ විට සිහි නැතිවන බවත් දක්වා ඇත. මෙගස්තීනස් කියන පරිදි මෙලෙස සිහිවිසඥ වන පුද්ගලයන් සුවකළ හැකි ඖෂධීය ගුණ ඇති විශාල මුල් ඇති ශාකයක් මේ ලංකාවේ පොළොව මත තිබී ඇත. එම මුල් පොඩිකොට රෝගියාගේ නාසයට ඇල්ලූ විට රෝගීන් සුව වන බවද ලියා තිබේ.

ලංකාවට නොපැමිණ මෙලෙස සටහන් තැබූ මෙගස්තීනස් ලංකාවට පැමිණියා නම් බොහෝ තොරතුරු ලියා තබනු ඇත. කෙසේ වුවද මොහු කියන පරිදි විවිධ සතුන්ගේ අංගයන්ගේ එකතුවෙන් සෑදුණු සතුන් ලෙස ඔහු පවසන්නේ මෙරට කලාව තුළ වූ ගජසිංහ, හස්ති කුඤ්ජරය, භේරුණ්ඩ පක්?ෂියා, හංස පූට්ටුව, මකරා වැනි කැටයම් සහිත කැටයම් හෝ චිත‍්‍ර දැකීමෙන් විය යුතුය.

ඔහු ලියා ඇති තොරතුරු කෙසේ වුවද සැබෑවට ඔහු අපේ පුංචි දිවයින පිළිබඳ ලියුවාට තුති පිදිය යුතුවෙමු.

Please follow and like us:
0

Add a Comment

Your email address will not be published. Required fields are marked *

Close

Enjoy this blog? Please spread the word :)

  • RSS
  • Follow by Email
  • Facebook
    Facebook
  • Google+
    http://ithihasa.org/2017/12/15/%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94-2500%E0%B6%9A%E0%B6%A7-%E0%B6%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%B1">
  • Twitter
  • Instagram