ලෝකය වෙනස් කල කාර්මික විප්ලවය…

අතීතයේදී මිනිසුන් භාණ්ඩ නිෂ්පාදනය කළේ තම දෑතේ සවිය උපයෝගි කරගනිමිනි. කාර්මික විප්ලවයේදී සිදු වුයේ යන්ත්‍ර සුත්‍ර භාවිතයෙන් මහා පරිමාණයෙන් භාණ්ඩ නිෂ්පාදනයට යොමුවීමයි. 18 වන ශතවර්ෂයේ එංගලන්තයේදී කාර්මික විප්ලවය ආරම්භ විය. පසුව මෙය කාලයත් සමග ලෝකයේ අනෙක් රටවල් කරා ව්‍යාප්ත විය. කාර්මික විප්ලවය ආරම්භ වීමට හේතු පහත පරිදි වෙයි

අනෙකුත් රටවලට පෙර එංගලන්තයේ වැඩවසම් ක්‍රමය බිදවැටීම නිසා මිනිසුන් නව රැකියා අවස්ථා සොයමින් නගරයට සංක්‍රමණය වීම. මෙහිදී බිහිවූ අතිරික්ත ශ්‍රමය කාර්මික දියුණුවට යොදාගත හැකි විය.

වැඩවසම් ක්‍රමය බිදවැටීමත් සමගම තරගකාරිත්වය වර්ධනය වීම හා ශ්‍රේණි ක්‍රමය බිදවැටීම. මෙමගින් කාර්මික වර්ධනය ඉක්මන් විය.

බ්‍රිතාන්‍යයේ පැවති දේශපාලන ස්ථාවරත්වය නිසා ආර්ථික කටයුතු වල නියැලීමට ඉඩකඩ ලැබීම. අන් රටවලට වඩා බ්‍රිතාන්‍යය රජය කර්මාන්ත කරුවන්ට සහයෝගී වැඩපිළිවලක් අනුගමනය කිරීම.

බ්‍රිතාන්‍ය සතුව විශාල යටත් විජිත ප්‍රමාණයක් පැවතුන නිසා ඒවාගෙන් ස්වභාවික සම්පත් හා අමුද්‍රව්‍ය පහසු මිලට ලබාගත හැකි වීම.

දියුණු ප්‍රවාහන පහසුකම් බ්‍රිතාන්‍ය තුල පැවතීම
කතෝලික පල්ලියෙන් මිදී කටයුතු කිරීම නිසා ලාභ ඉපයීම අන් රටවල් මෙන් පාපකාරී ක්‍රියාවක් ලෙස නොසැලකීම තුලින් වෙළදාමට ලැබුණු තල්ලුව.

කාර්මික විප්ලවයට තුඩුදුන් කර්මාන්ත

බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය ප්‍රධාන කර්මාන්ත තුනක් ඇසුරින් සිදුවිය

* යකඩ හා වානේ කර්මාන්තය
* පේෂ කර්මාන්තය
* ගල් අගුරු කර්මාන්තය

යකඩ හා වානේ කර්මාන්තය

බ්‍රිතාන්‍ය යපස් නිධි බහුල රටක් වූ නිසා පෙර සිටම අවි ආයුධ, ගෘහ උපකරණ නිපදවීමට යකඩ හා වානේ කර්මාන්තය පවත්වාගෙන යන ලදී. කාර්මික විප්ලවයත් සමග යන්ත්‍ර සුත්‍ර නිපදවීමට විශාල ප්‍රමාණයෙන් යකඩ අවශ්‍ය විය. මේ හේතුවෙන් විවිධ පුද්ගලයින් එකවර යකඩ විශාල ප්‍රමානයක් නිපදවිය හැකි ක්‍රම පිළිබද අත්හදා බලන්නට විය. එලෙස කල අත්හදා බැලීම් වල ප්‍රතිපල ලෙස පහත දෑ සොයාගන්නා ලදී.

* 1730දි ඒබ්‍රහම් ඩර්බි විසින් ගල් අගුරු යොදා යපස් උණු කිරීමේ ක්‍රමය සොයාගන්නා ලදී. මෙයින් වාත්තු කල යකඩ නිපදවීමට හැකි විය.

* 1784දි හෙන්රි කොට් විසින් තැලිය හැකි යකඩ නිපදවන රෝලර් යන්ත්‍රය නිර්මාණය කිරීම
1856දි හෙන්රි බෙසමර් විසින් වානේ නිපදවිය හැකි නව ක්‍රමයක් සොයාගැනීම

* 1870දි විලියම් සිමන්ස් විසින් යපස් උනුකිරීමට විදුලි උදුනක් සකස් කිරීම.

පේෂ කර්මාන්තය

කාර්මික විප්ලවයට සමගාමිව දියුණු වූ තවත් එක් ක්ශේස්ත්‍රයක් ලෙස පේෂ කර්මාන්තය දැක්විය හැක. මෙහි ප්‍රතිපලයක් ලෙස

* 1733 වසරේදී ජෝන් කේ විසින් දුවන නඩාව (flying shuttle) නිපදවන ලදී.

* 1764දි ජේම්ස් හාග්‍රීව්ස් විසින් කපු කැටීම සදහා ජෙනි නමැති යන්ත්‍රයක් නිපදවන ලදී.

* 1799දි සැමුවෙල් නමැත්තෙකු විසින් ම්යුල් යන්ත්‍රය නිපදවිය. එමගින් සියුම් හා ශක්තිමත් ලෙස නුල් සකසා ගත හැකි විය.

ගල් අඟුරු කර්මාන්තය

pictures-and-images.net

බ්‍රිතාන්‍ය තුල යන්ත්‍ර සුත්‍ර ක්‍රියාකරවීම, යපස් උණු කිරීම හා ගේදොර භාවිතය සදහා කාර්යක්ෂම බලශක්තියක් ලෙස ගල් අගුරු ජනප්‍රිය විය. කාර්මික විප්ලවය සමග ගල් අගුරු සදහා ඇති ඉල්ලුම වැඩි වුවත් ගල් අගුරු කැනීම අපහසු වූ නිසා ඒ සදහා විසදුම් ලෙස පහත නව නිපැයුම් සොයාගැනුනි.

* 1735දි තෝමස් නිව්කොමන් විසින් ගල් අගුරු ආකර වල ජලය ඉවත් කිරීමට හා වාතය කෘතීම ලෙස සිසිල් කිරීමට වාෂ්ප එන්ජිමක් සොයගන්නා ලදී.

* 1812දී හම්ප්‍රි ඩේව් විසින් ආරක්ෂක ලාම්පුව නිපදවිය.

* 1839දි යකඩ කේබල් කම්ම්බි මගින් ආකර වලින් ගල් අගුරු පිටතට ගෙන ඒමේ ක්‍රමයක් සොයාගැනුනි.


කාර්මික විප්ලවය වෙනත් රටවල් කරා ව්‍යාප්තිය

කාර්මික විප්ලවය ආරම්භ වුයේ බ්‍රිතාන්‍ය තුලයි. නමුත් කෙටි කාලයක් තුල එය යුරෝපයේ අනෙක් රටවල් කරා ව්‍යාප්ත විය. 19 වන සියවස වන විට කාර්මික විප්ලවය ඇමරිකාව, ආසියාව හා අප්‍රිකා මහද්විපයටද ව්‍යාප්ත විය. මේ අනුව සෙසු රටවල්ද යන්ත්‍ර සුත්‍ර භාවිත කරමින් තම නිෂ්පාදන වේගවත් කිරීමට පෙළඹුණි. බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙස පැවති ඇමරිකානු ජනපද නිදහස දිනාගැනීමෙන් පසුව එරට කාර්මික අංශයේ ශ්‍රීඝ්‍ර දියුනුවක් ලගා කරගන්නා ලදී. මිට අමතරව ජර්මනිය, ප්‍රංශය බෙල්ජියම, ඔස්ට්‍රියාව, හා හංගේරියාව යන රටවල්ද කාර්මික විප්ලවය වැළදගන්නා ලදී. 20වන සියවස මුල වන විට කාර්මික අංශයේ වේගවත් දියුණුවක් ලගාකරගත් රටක් ලෙස ජපානය දැක්විය හැක. චීනය, ඉන්දියාව හා ශ්‍රී ලංකාවද කාර්මික විප්ලවයේ බලපෑමට ලක්විය.

කාර්මික විප්ලවයේ ප්‍රතිඵල

photographyinamerica.wordpress.com

මිනිස් ශ්‍රමය වෙනුවට යන්ත්‍ර සුත්‍ර ආදේශ වීම සිදුවිය. මේ නිසා මිනිස් ශ්‍රමයට හිමිව තිබූ වටිනාකම අඩු විය.
කාර්මික විප්ලවයට පෙර මිනිසා නිෂ්පාදනයන් සිදුකලේ තමාගේ යැපීම සදහා අවශ්‍ය ප්‍රමාණයට හෝ දේශීය ඉල්ලුම සදහා අවශ්‍ය ප්‍රමාණයට පමණි. කාර්මික විපල්වයත් සමග විදේශ ඉල්ලුමද සපුරාලන පරිදි නිෂ්පාදනය සිදුවිය.
කාර්මික විප්ලවයත් සමග නිෂ්පාදනයේ තිබු ශ්‍රේණි ක්‍රම බිදවැටි ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වන නිදහස් වෙළදපල ආර්ථිකයක් බිහිවිය​. මේ නිසා පෞද්ගලික අංශය ප්‍රසාරණය වීම සිදු විය. මහා පරිමාණ නිෂ්පාදනය නිසා නිෂ්පාදන වියදම අඩු වී අඩු මිලට ලෝක වෙළදපලට භාණ්ඩ සැපයීමට බ්‍රිතාන්‍යයට​ හැකි විය
වැඩි ජනගහනයක් කර්මාන්ත හා නගරවලට සංක්‍රමණය වීම නිසා කර්මිකරණයත් සමග නාගරීකරණය සිදුවිය.
කාර්මීකරණයත් සමග බිහිවූ විශාල කම්කරු පිරිස නිසා නිර්ධන පන්තිය ලෙස වෙනම පිරිසක් නිර්මාණය විය. මෙම නිර්ධන පංතිය අඩු සනීපාරක්ෂක පහසුකම් යටතේ ජීවත් විය.
ශ්‍රමය සුලබ වීම නිසා ශ්‍රම සුරාකෑම, ළමා ශ්‍රමය යොදාගැනීම ඉහල මට්ටමක පැවතුනි. ශ්‍රමිකයන්ට දිනකට පැය 12-19 අතර කාලයක් රැකියාවේ සිටීමට සිදුවූ අතර කෑමගැනීමේ පහසුකම්, වාතාශ්‍රය ලැබීමේ පහසුකම් නොවිණි. දරුවන් යන්ත්‍ර ලෙස සලකමින් අනතුරුදායක වෘත්තීන්හි යොදවනු ලැබීය.

Please follow and like us:
0

Add a Comment

Your email address will not be published. Required fields are marked *

Close

Enjoy this blog? Please spread the word :)

  • RSS
  • Follow by Email
  • Facebook
    Facebook
  • Google+
    http://ithihasa.org/2017/12/12/106">
  • Twitter
  • Instagram