මූලාශ්‍රය වර්ගීකරණය

ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යනය කරන්න අපිට උපකාරී වෙන මූලාශ්‍ර අධ්‍යනයේ පහසුවට වර්ග දෙකකට බෙදනවා. ඉන් එක් මූලාශ්‍ර වර්ගයක් තමයි සාහිත්‍ය මූලාශ්‍ර කියන්නෙ. සාහිත්‍යය මූලාශ්‍රත් අධ්‍යනයේ පහසුවට කොටස් දෙකකට බෙදනවා.

01. දේශීය සාහිත්‍යය මූලාශ්‍ර
02. විදේශීය සාහිත්‍යය මූලාශ්‍ර

සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන එක වාසියක් තමයි අන්තර්ගත කරුණුවලින් ඉතිහාසයේ විශාල අදුරු පැතිකඩක් ආලෝකමත් කර ගන්න පුලුවන් වෙන එක. ඒත් ඒ වාසියටත් වඩා ලොකු අවාසියක්, ඉතිහාසය අධ්‍යනය කරන්න සාහිත්‍ය මූලාශ්‍ර භාවිතා කරන කොට දකින්න ලැබෙනවා. ඒ තමයි කරුණු කාරණාවල තියෙන විශ්වසනීයත්වය ගැන ඇතිවෙන ප්‍රශ්න.

​සාමාන්‍යයෙන් පොතක් රචනා වෙන්නෙ, මොකක් හරි සිදුවීමක් මූලික කරගෙන. ඒත් ඒ සිදුවීම වෙච්ච හැටියෙම පොත රචනා වෙන්නෙ නෑ. ඒක රචනා වෙන්නෙ ඒ සිදුවීම වෙලා අවුරුදු ගණනාවකට පස්සෙ වෙන්න පුලුවන්. එතකොට ඒ පොත ලියන ලේඛකයා තමන්ට ඕන විදිහට කරුණු වෙනස් කරලා, එයාට ඕන විදිහට ලියන්න පුලුවන්. එහෙමත් නැත්නම් ඒ සිද්ධිය ජනප්‍රවාද, ජනස්‍රැති, ජන කතා ඔස්සේ අහලා ලියන්නත් පුලුවන්. ජනප්‍රවාදයක් වුණත්, ජන කතාවක් වුණත් කල්ප කාලාන්තරයක් තිස්සේ කටින් කට එනකොට, ඒක වෙනස් වෙන්න පුලුවන්. හරියට අර ගමරාළ කපුටො හත් දෙනෙක් වමනෙ කළා කියන ජන කතාව වගේ. ඉතින් මේවයින් සැබෑ ඉතිහාසය ගොඩ නගන කොට අපි ටිකක් පරිස්සම් වෙන්න ඕන.

01. දේශීය සාහිත්‍යය මූලාශ්‍ර
දේශීය සාහිත්‍යය මූලාශ්‍රත් අධ්‍යනයේ පහසුවට කොටස් දෙකකට බෙදනවා.
# ගද්‍ය
# පද්‍ය

ගද්‍ය සාහිත්‍ය කෘතිවලත් වර්ග ගණනාවක්ම තියෙනවා.
* වංශ කතා
* අට්ඨ කතා
* නිගණ්ඩු
* උපදේශ ග්‍රන්ථ
* නීති ග්‍රන්ථ
* වෛද්‍ය ග්‍රන්ථ
* ශිල්ප ග්‍රන්ථ
* සහශ්‍ර ග්‍රන්ථ
* වාර්තා
* කතා පුවත්

දීපවංශය, මහා වංශය, සමන්තපාසාදිකාව, රාජාවලිය, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය, නිකාය සංග්‍රහය ගද්‍ය සාහිත්‍යයට උදාහරණ විදිහට දෙන්න පුලුවන්.

02. විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර


​අපේ රටට කාලයෙන් කාලයට ආපු සංචාරකයන් වගේම, අපේ රටේ විස්තර හොය හොයා ගියපු විදේශිකයො ලියපු ග්‍රන්ථ සහ වාර්තා විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා අපි සරලව හදුන්වනවා. අධ්‍යනයේ පහසුවට කාගෙත් අවධානයට යොමු වෙලා තියෙන, ප්‍රධාන විදේශීය සාහිත්‍යය මූලාශ්‍රත් අපිට මේ විදිහට කොටස් කරන්න පුලුවන්.

ඉන්දියානු මූලාශ්‍ර
01. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය
02. මහා භාරතය
03. රාමායණය
04. මනි මේඛලා
05. රාජ තරංගනී
06. සිලාපදිකා
07. ලංකාවතාර සූත්‍රය
08. දිව්‍යාවදානය
09. පට්ටිනම් පාලෙයි
10. ස්කන්ධ පුරාණය
11. නීට්‍රම් පත්තු

ග්‍රීක රෝම මූලාශ්‍ර
01. භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය – ටොලමි
02. ඉන්ඩිකා – මෙගස්තීනස්
03. ඩිමොන්ඩො – ඇරිස්ටෝටල්
04. නැචුරාලිස් හිස්ටෝරියා – ප්ලීනි
05. ට්‍රොපෝග්‍රැෆියා ක්‍රිස්ටිනා – කොස්මස්
06. මාරිස එලිප්පියා – සෙනිට්‍රස් ​

අග්නිදිග ආසියාතික මූලාශ්‍ර
01. ජිනකාලමාලි (සියමය)
02. ශාසන වංශය (බුරුමය)

චීන මූලාශ්‍ර
01.පාහියන් වාර්තා
02. හියුත්සාං වාර්තා
03. ඉත්සිංගේ වාර්තා
04. ජුකුබාගේ වාර්තා

අරාබි මූලාශ්‍ර
01. ඉබන්බතූතාගේ වාර්තා
02. අබුසයිද්හසංගේ වාර්තා​

Please follow and like us:
0

Add a Comment

Your email address will not be published. Required fields are marked *

Close

Enjoy this blog? Please spread the word :)

  • RSS
  • Follow by Email
  • Facebook
    Facebook
  • Google+
    http://ithihasa.org/2017/12/09/%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%93%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA">
  • Twitter
  • Instagram